නව කිරි ගොවිපොල පිහිටුවීම සදහා ආයෝජන මණ්ඩලය තෝරාගත් ආයෝජකයින්ට කඩිනමින් අවශ්‍ය ඉඩම් සපයා දෙන ලෙස ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.
අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි බැසිල් රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබාදුන්නේ. ලබන වසරේ පළමු මාස තුන ඇතුළත නව කිරි ගොවිපොල ඇති කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු බවයි ඒ මහතා කියාසිටියේ. කුඩා පරිමාණයේ කිරි ගොවීන් නගාසිටුවීම සදහා 2021 අයවැය තුළින් විශාල මුදලක් වෙන්කර ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. දේශීය කිරි නිෂ්පාදන අවශ්‍යතාවෙන් සියයට අසූපහකට වැඩි ප්‍රමාණයක් සම්පාදනය කරන්නේ කුඩා සහ මධ්‍ය පරිමාණ කිරි ගොවියනුයි. ඔවුන්ට අමතරව නව මහා පරිමාණ කිරි නිෂ්පාදකයින් බිහි කිරීම මෙම ආයෝජන වැඩපිළිවෙළේ අපේක්ෂාවයි. මෙම වැඩපිළිවෙළ යටතේ ඉහළ ඵලදායීත්වයකින් යුතු පැටවුන් සුලු හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන්ට ලබාදීමට ද නියමිතයි. මධ්‍යම පළාත කේන්ද්‍රකර ගනිමින් වැවිලි සමාගම ද දායක කරගනිමින් නව මහා පරිමාණ කිරි ගොවිපොල දහයක් බිහිකිරීමට නියමිතයි. මෙම සාකච්ඡාවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.
The post දේශීය කිරි නිෂ්පාදනය නංවන ආයෝජකයන්ට කඩිනමින් ඉඩම් දෙන්න ආණ්ඩුව සූදානම් appeared first on ITN News.
Post a Comment