Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 10 ඉක්මවා යයි  

Add comments

ලොව රටවල් 219 කින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි දහය ඉක්මවා ගොස් තිබෙනවා.

කොරෝනා වයිරසය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව විසි එක්ලක්ෂ පනස් දහසකට ආසන්නයි. වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකාවෙන් සමස්ත ආසාදිතයින් දෙකෝටි පනස් අට ලක්ෂ හැට එක් දහස් පන්සිය අනූ හත් දෙනෙකු හමුවී ඇති අතර එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව හාර ලක්ෂ තිස් එක් දහස් තුන්සිය අනූ දෙකක්. ඉන්දියාවෙන් ආසාදිතයින් එක් කෝටි හය ලක්ෂ හැත්තැ හත් දහස් හත්සිය දහ දෙනෙකු වාර්තා වී තිබෙනවා. එරට මරණ සංඛ්‍යාව එක්  ලක්ෂ පනස් තුන්දහස්  හයසිය විසි හතරක්. බ්‍රසීලය, රුසියාව, බ්‍රිතාන්‍යය හා මෙක්සිකෝව කොරෝනා වයිරසයේ   වැඩිම බලපෑමට ලක්වූ රටවල් ලෙසයි සැලකෙන්නේ.

 

 

The post ලොව පුරා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 10 ඉක්මවා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG