ඉන්දියාවේ යෝජිත නව කෘෂි නීතිවලට විරෝධය දක්වමින් ගොවීන් දැවැන්ත ට්‍රැක්ටර් රථ පෙලපාලියක් සංවිධාන කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
අදට යෙදී ඇති ඉන්දීය ජනරජ දිනයට සමගාමීවයි මෙම ට්‍රැක්ටර් රථ පෙලපාලිය සංවිධාන කර ඇත්තේ. එම රථ පෙලපාලිය දිල්ලි නගරයට ඇතුළු වීමටද නියමිතයි. ජනරජ දිනයේ සැමරුම්වලට බාධා කිරීමකින් තොරව ඔවුන්ට උද්ඝෝෂණ සිදු කිරීමට පොලීසිය අවසර ලබාදී තිබෙනවා. යෝජිත නව කෘෂි නීතිවලට විරෝධය දක්වමින් මාස කිහිපයක සිට ඉන්දියාව පුරා ගොවි උද්ඝෝෂණය පැවැත්වෙනවා. යෝජිත කෘෂි නීති අත්හිටුවීමට ඉන්දීය රජය කැමැත්ත පල කර තිබුන ද ගොවීන් පවසන්නේ එම යෝජනා සියල්ලම හකුලාගත යුතු බවයි.
The post ඉන්දියාවේ නව කෘෂි නීතිවලට විරෝධය දක්වමින් ට්‍රැක්ටර් පෙලපාලියක් appeared first on ITN News.
Post a Comment