ගුවන්තොටුපොල සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙන යමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල අපනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ලේ පළමු අදියරේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා.
මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සදහා රුපියල් කෝටි දෙසීය තිස් හයකට වැඩි මුදලක් වෙන්කර තිබෙනවා. ඒ වැට් බදු ගෙවීමේ පදනම මතයි. දින 730 ක් ඇතුළත ව්‍යාපෘතිය නිම කළ යුතු බවටයි අදාළ ඉදිකිරීම් සමාගම සමග ගිවිසුම් ඇති කරගෙන තිබෙන්නේ. පෙර සවි කොන්ක්‍රීට් යොදා ගනිමින් තෙමහල් ගොඩනැගිල්ලක් මෙහිදී ඉදි කෙරෙනවා. මෙම ගොඩනැගිල්ල නිමවීමත් සමග අපනයන සහ ආනයන කේෂ්ත්‍ර යේ අවශ්‍යතා රැසක් සම්පූර්ණ වන බවයි ශ්‍රී ලංකා ගුවන් තොටුපොල හා ගුවන් සේවා අධිකාරිය සදහන් කළේ. මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක යන මහත්වරුන් සහ නිලධාරීන් එක්ව සිටියා.
The post කටුනායක ගුවන් තොටුපොල අපනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment