වව්නියාව දිස්ත්‍රික්කය තුළ සෞභාග්‍යයා ගෙවතු වගා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි.
වව්නියාව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 102 ක සෞභාග්‍යයා ගෙවතු වගා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙනවා. කෘෂි ආර්ථිකය නගා සිටුවීම උදෙසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවයි මෙම ගෙවතු වගා වැඩසටහන ආරම්භ කෙරුණේ. වගාවන්හි එළවළු සහ පලතුරු අස්වනු මේ වනවිට නෙලමින් පවතිනවා. එම කටයුතු වව්නියා දිසා ලේකම් සමන් බන්දුල සේන මහතාගේ ද නිරීක්ෂණයට ලක්වුණා.
The post වව්නියාව දිස්ත්‍රික්කයේ ගෙවතු වගා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි appeared first on ITN News.
Post a Comment