කොරෝනා සදහා නිපදවන එන්නත් අපනයනය කිරීම පිළිබද නීති දැඩි කරන බවට යුරෝපා සංගමය අනතුරු අඟවනවා.
සාමාජිකයින් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට සැලසුම් කළ සැපයුම් කපා හැරීම හේතුවෙන් ඇස්ට්‍රා සෙනෙකා සමාගම සමග ඇති කරගත් එකගතාවක් මධ්‍යයේ මෙම අනතුරු ඇගවීම සිදු කර තිබෙනවා. යුරෝපා සංගමයේ සෞඛ්‍ය කොමසාරිස් ස්ටෙලා ක්‍රියාකිඩ්ස් සදහන් කළේ පුරවැසියන් ආරක්ෂා කිරීමට ඔ්නෑම පියවරක් ගන්නා බවයි. නිෂ්පාදන ගැටලුවක් හේතුවෙන් තම සැපයුම් ඉලක්ක පසුකර යාමට සිදුවන බව පසුගිය සතියේ දී ඇස්ට්‍රා සෙනෙකා සමාගම යුරෝපා සංගමයට කියා සිටියා. ඒ සමගයි යුරෝපා සංගමය මෙලෙස අනතුරු ඇගවීමක් සිදු කර තිබෙන්නේ. සියලුම සාමාජික රටවල් වෙනුවෙන් මිලදී ගන්නා එන්නත් මන්දගාමී වීම හේතුවෙන් පසුගිය කාලයේදී යුරෝපා සංගමය කොරෝනා එන්නත් නිෂ්පාදනය කරන ආයතන දැඩි විවේචනයට ලක් කළා.
The post කොරෝනා එන්නත් අපනයනය කිරීම පිළිබඳ නීති දැඩි කරන බව යුරෝපා සංගමය කියයි appeared first on ITN News.
Post a Comment