Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

මෙරට මාරක රිය අනතුරු සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව පොලිසිය පවසනවා. ඊයේ (26) දිනය තුළ පමණක් මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ මිය ගිය  11 දෙනාගෙන් තුන්දෙනෙකු මීට පෙර රිය අනතුරුවලට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි අයයි. අනෙක් අට දෙනාම ඊයේ සිදුවූ රිය අනතුරුවලින් මිය ගොස් තිබෙනවා. මෙම සෑම අනතුරක්ම පාලනය කර ගැනීමට හැකිව තිබූ අනතුරු බව පොලිසිය පෙන්වා දෙනවා. අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරුවලට හේතුව බවයි පොලිසිය පවසන්නේ.

රිය අනතුරු වැළැක්වීම සදහා විශේෂයෙන් එළඹෙන සති අන්තයේ දැවැන්ත මෙහෙයුමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

මේ අතර පොදු ප්‍රවාහන බස්රථ තුළ මගිනී නිරෝධායන රීතින් අනුගමනය කරන්නේදැයි රථවාහන පොලිස් නිලධාරීන් විමසිල්ලෙන් සිටිනු ඇති. එම රීති කඩකරන මගීන්ටල රිය දුරන්ට මෙන්ම සහායකයින්ටද නීතිමය පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කරනවා.

 

 

 

The post ඊයේ දිනය තුළ පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG