ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 755 දෙනෙකු හදුනාගැනුණා. ඉන් පුද්ගලයින් 7 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි. ඉතිරි 748 දෙනා දේශීයව හදුනාගත් පුද්ගලයින් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
ඊයේ හදුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 369 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124 ක්, කළුතරින් 80 දෙනෙක්, කුරුණෑගලින් ආසාදිතයින් 29ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 දෙනෙකු ඊයේ දිනයේදී හදුනා ගැණුනා.
අද උදෑසන වන විට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොලට සම්බන්ධ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව පනස් හය දහස් දාහතරක්. ඉන් පුද්ගලයින් හතලිස් පන්දහස් අටසිය අසූනව දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස් නව දහස් නවසිය විසි දෙකක්. 8588 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා. පූර්ණ සුවය ලබා පුද්ගලයින් පනස් එක් දහස් හතලිස් අට දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
මේ අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන අනූපහක් තුළ පුද්ගලයින් අටදහස් තිස් දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනයේ දී පමණක් මෙරට තුළ සිදුකළ පීසීආර් පරික්ෂණ සංඛ්‍යාව දහසය දහස් හාරසිය තිස් එකක්.
The post ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 755ක් – කොළඹින් 369ක් appeared first on ITN News.
Post a Comment