Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොසැම්බික් සුළි කුණාටුවෙන් 14 දෙනෙක් ජිවිතක්ෂයට  

Add comments

මොසැම්බික් රාජ්‍යයට බලපා ඇති සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගියා.

දෙලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් පිඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන් මධ්‍යස්ථාන 76 කට යොමුකර තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. අක්කර දහස් ගණනක වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.

නගර රැසක යටිතල පහසුකම් ද සම්පූර්ණයන්ම විනාශ වි තිබෙනවා. තවදුරටත් ධාරාණිපාත වර්ෂාවක් ලැබිය හැකි බවයි එරට කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

අවතැන් කඳවුරුවල සිටින පුද්ගලයින්ට කොවිඩ් වයිරසය වැළඳීමේ අවදානමක් ද පවතින බවයි එරට සෞඛ්‍ය අංශ නිවේදනය කළේ. පසුගිය වසරේ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් ඩොලර් බිලියන දෙකක පමණ හානියක් සිදුව තිබෙනවා.

The post මොසැම්බික් සුළි කුණාටුවෙන් 14 දෙනෙක් ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG