Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දසකෝටි අටලක්ෂ විසිදහස ඉක්මවයි  

Add comments

ලොව පුරා රටවල් 219 කින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දසකෝටි අටලක්ෂ විසිදහස ඉක්මවා ගියා.

කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2,167,092ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඊයේ දිනයේදී වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 4,045ක්. ඒ සමඟම එරට සමස්ත මරණ සංඛ්‍යාව 435,452ක දක්වා ඉහළ ගියා. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි හැටලක්ෂය ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවෙන් ආසාදිතයින් එක්කෝටි හත්ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් හමු වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ පනස් හතර දහසකට ආසන්නයි. එමෙන්ම රුසියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍ය හා මෙක්සිකෝව යන රටවල් ද කොරෝනා වයිරසය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

 

 

The post ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දසකෝටි අටලක්ෂ විසිදහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG