Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රිය මැදිරි 200 ක් අලුත් වැඩියා කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කරයි  

Add comments

දුම්රිය මැදිරි 200 ක් අලුත් වැඩියා කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කිරිම සදහා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද පැමිණියා. භාවිතයෙන් ඉවත් කරනු ලැබූ දුම්රිය මැදිරි 200 ක් ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කිරීමටයි මෙහිදී කටයුතු කෙරෙන්නේ. රුමේනියා මැදිරි 140 ක් හා බලවේග කට්ටල 60 ක් ප්‍රතිසංස්කරණය කෙරෙනවා. ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන 2388 ක්. පිළිසකර කිරීම් කටයුතු මැයි මාසය වන විට අවසන් කිරීමටයි ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ. මේ වන විටත් රුමේනියා මැදිරි 130 කට වැඩි සංඛ්‍යාවක් හා බලවේග කට්ටල 50 කට වැඩි සංඛ්‍යාවක් අලුත්වැඩියා කර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා. මෙම අලුත්වැඩියාව නිසා රජයට විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකිවනවා. ඉන්දියාවෙන් දුම්රිය මැදිරියක් ආනයනය කිරීම සදහා රුපියල් මිලියන 91 කට වැඩි මුදලක් වැය වන අතර චීන බලවේග කට්ටල මැදිරියක් ආනයනය කිරීමට රුපියල් මිලියන 131 ක් වැය වනවා.

 

 

 

 

The post දුම්රිය මැදිරි 200 ක් අලුත් වැඩියා කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG