යුරෝපා සංගමයේ රටවල් 27 ට පොරොන්දුවූ පරිදි කොරෝනා එන්නත් ප්‍රමාණය සැපයීමට ඇස්ට්‍රා සෙනෙකා සමාගමට මේ වනවිට නොහැකිවී තිබෙනවා. යුරෝපය පුරා කොරෝනා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පැවතීම හේතුවෙන් මෙම එන්නත අවශ්‍ය ප්‍රමාණයට තමන්ට ලැබෙනු ඇතැයි යුරෝපා සංගමය දැඩි බලාපොරොත්තු සහගතව පසුවුණා. යුරෝපා සංගමය ඉල්ලා සිටින්නේ බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා සමාගමේ එන්නත් නිෂ්පාදනාගාරවල නිපදවන වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් තමන්ට ලබාදීමට කටයුතු කරන ලෙසයි. පොරොන්දු වූ ප්‍රමාණය සැපයීමට කටයුතු නොකරන්නේ නම් එන්නත අපනයනය කිරීමට සීමා පනවන බවට යුරෝපා සංගමය මීට පෙර අනතුරු අගවා තිබුණා. නිෂ්පාදන ගැටලු හේතුවෙන් යුරෝපා සංගමයට පොරොන්දුවූ එන්නත් ප්‍රමාණය සැපයීමට නොහැකිවන බව ඇස්ට්‍රා සෙනෙකා සමාගම ප්‍රකාශ කරනවා. සාමාජික රටවල් වෙනුවෙන් මිලදී ගත් එන්නත් නිසිපරිදි බෙදා හැරීමට අසමත්වී ඇතැයි යුරෝපා සංගමයට ද චෝදනා එල්ලවී තිබෙනවා.
The post යුරෝපා සංගමයේ රටවල් 27 ට කොරෝනා එන්නත් සැපයීමට ඇස්ට්‍රා සමාගමට නොහැකි වෙයි appeared first on ITN News.
Post a Comment