උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙන දෙනුවර මැණිකේ දුම්රිය නැවත දැනුම්දෙන තුරු නතර කිරිමට තීරණය කර තිබෙනවා.
ඒ ආසන වෙන් කිරිම අවම මට්ටමක පැවතීම හේතුවෙන්. අද (28) සිට දෙනුවර මැණිකේ දුම්රිය ධාවනය නොකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එම දුම්රියේ ගමන් කිරිමට ආසන වෙන්කරගත් මගීන්ට පොඩි මැණිකේ දුම්රිය මගින් ගමන් පහසුකම් සලසා තිබෙනවා.
අද සිට පෙබරවාරි 11 වනදා දක්වා පොඩි මැණිකේ දුම්රිය කොලඹ කොටුවෙන් පෙරවරු 6.30 ට ආරම්භ කිරිමටයි නියමිත.
The post ”දෙනුවර මැණිකේ” දුම්රිය නැවත දැනුම් දෙන තුරු ධාවනය නතර කෙරේ appeared first on ITN News.
Post a Comment