Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනි අවි 8ක් සමඟ සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

මෙරට නිෂ්පාදිත ගිනි අවි අටක් සමඟ සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වුණා.

පොළොන්නරුව දිඹුලාගල සොරිවිල ගම්මානයේ බොහෝ දෙනෙකු අත මෙරට නිෂ්පාදිත ගිනි අවි සංසරණය වන බවට පොලිසියට‌ ලැබුණු තොරතුරක් අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ. අද උදෑසන සිදුකළ වැටලීමේ දී සැකකරුවන් සහ ගිනි අවි පොලිස් භාරයට ගැණුනා. වන සතුන් දඩයම් කිරීම සඳහා ඔවුන් ගිනි අවි භාවිත‌ා කර ඇති  බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. කළුකන්ද රක්ෂිතයේ සතුන් දඩයම් කර අලෙවි කිරීමට මෙම පුද්ගලයන් කටයුතු කර තිබෙනවා. ඔවුන් ගිනි අවි සමඟ පොළොන්නරුව අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

The post ගිනි අවි 8ක් සමඟ සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG