Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ – පළමු එන්නත යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට  

Add comments

කොරෝනාවට එරෙහි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත මෙරටදී ලබා දීම ආරම්භ වුණා.

ඉන්දියාවෙන් මෙරටට ලැබුණ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ වුණේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදීයි.

එන්නත්කරණ වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් අයිඩීඑච් හි ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී එන්නත් ලබාදීම සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ,  ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

යුද හමුදා සාමාජිකයන් තුන් දෙනෙකුට පළමුව එන්නත ලබා දීමෙන් යුද හමුදා රෝහලේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණා. මෙම අවස්ථාවට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්වුණා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා එන්නත් ලබා දීම සිදුවුණා. කොරෝනා මර්දන හා ප්‍රතිකාර සේවා වැඩපිළිවෙලට සෘජුවම සම්බන්ධවන පිරිස් වෙනුවෙන් පළමුව එන්නත්කරණය සිදුවනවා.

කොළඹ ජාතික රෝහලේ දීද එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ආරම්භ කෙරුණා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් කුමාර වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේයි එම කටයුතු ආරම්භ කෙරුණේ. ඉන්දීය තානාපති කාර්යාලය නියෝජනය කරමින් වෛද්‍ය රතේෂ් පාණ්ඩේ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

මුල්ලේරියාව රෝහලේදීද එන්නත්කරණ වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා.

කොරෝනා මර්දන වැඩසටහන සමග සෘජුවම සම්බන්ධවන හෝමාගම රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉන්දියාවෙන් ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම ආරම්භ කෙරුණේ අද පෙරවරුවේදීයි.

රාගම පිහිටි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ආරම්භ කෙරුණා. සැලකිය යුතු පිරිසකට මෙම එන්නත ලබාදීමට සැලසුම්කර ඇති බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

 

 

 

 

The post කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ – පළමු එන්නත යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG