Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිනොගන්නා අයගෙන් ඇමෙරිකානු ත්‍රස්තවාදයක් මතුවෙන ලකුණු  

Add comments

පසුගිය නොවැම්බර් මාසයේ පැවති ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයෙන් නොසතුටට පත් පුද්ගලයින්ගෙන් ත්‍රස්තවාදී තර්ජනයක් මතුවී ඇති බව ඇමෙරිකා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීම හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඛණ්ඩව ප්‍රතික්ෂේප කළා. ඔහුගේ අනුගාමිකයින් පසුගිය 6 වනදා ඇමෙරිකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආක්‍රමණය කළේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ඇමෙරිකා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ අන්තවාදී කණ්ඩායම් සහ පුද්ගලයින් එලෙස තවදුරටත් රජයේ බල අධිකාරියට තර්ජන එල්ල කළ හැකි බවයි. පසුගිය හයවනදා කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු සැකකරුවන් හාරසිය දෙනෙකු මේ වනවිට හදුනාගෙන තිබෙනවා. ඒ අතුරින් 135 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.

 

The post ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිනොගන්නා අයගෙන් ඇමෙරිකානු ත්‍රස්තවාදයක් මතුවෙන ලකුණු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG