ඉන්දියාව අභිභවා ලෝකයේ තුන්වන වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රට බවට මෙක්සිකෝව පත්ව තිබෙනවා.
මෙක්සිකෝවෙන් පසුගිය පැය 24 තුලදී නව මරණ 1506ක් වාර්තා වුණා. එරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් පන්දහස් එකසිය හතලිස් පහක්. මෙක්සිකෝ ජනාධිපති අන්ද්‍රේස් මැනුවල් ලෝපේස් ද කොරෝනා වයිරසයට ගොදුරුව සිටිනවා.
ලතින් ඇමෙරිකානු කලාපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සහ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් තුන අතරට මෙක්සිකෝවද ඇතුලත්.
පසුගිය දෙසැම්බර් අග භාගයේදී ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කළ නමුත් එමගින් රෝගය පාලනය වීමක් හෝ මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට නොලැබෙන බවයි මෙක්සිකෝ සෞඛ්‍ය අංශ සදහන් කර ඇත්තේ.
The post මෙක්සිකෝව ඉන්දියාව අභිභවා යයි appeared first on ITN News.
Post a Comment