ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස අපේ රටට ලැබුණ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළේදී ජනාධිපතිතුමා වෙත භාර දීම සිදුවුණා.
දුරුතු පුන් පොහෝ දා මේ පුන්‍ය කටයුත්ත සිදුවීම විශේෂත්වයක්.
ඉන්දු ශ්‍රී ලංකා සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දීය රජය ලබා දුන් මෙම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෆීල්ඩ් කෝවිඩ් එන්නත් තොගය එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ඒ අයි 281 දරණ යානයෙන් දිල්ලි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒම සිදු වුණා. එය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත පිළිගැන්විමටයි කටයුතු කෙරුණේ.
මෙසේ ලැබුණු එන්නත් හෙට සිට ලබා දීම සිදු කෙරෙන්නේ රජය මගින් නම්කර ඇති එන්නත්කරණ මධ්‍යස්ථාන තුළදී පමණයි. පළමුව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ද දෙවනුව ඉදිරිපෙළ ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ද එන්නත ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ. 3 වන අදියර යටතේ වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නත ලබා දෙන අතර එහි පළමු මාත්‍රාව ලබා දී සති 4 කට පසු දෙවන මාත්‍රාව ලබා දීමට නියමිතයි.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෆීල්ඩ් එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගමක් ලෙස සැලකෙන ඉන්දියාවේ සිරම් ආයතනයයි.
මෙරට තුළ හදිසි භාවිතය සදහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යොදා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගියදා අනුමැතිය ලබා දුන්නා.

The post ඉන්දියාවෙන් ආ ඇස්ට්‍රා සෙනෙකා ජනපතිට භාරදෙයි appeared first on ITN News.
Post a Comment