පසුගිය රජය සමයේ කෝටි ගණන් මුදල් වැය කර ආරම්භ කළ නිවාස ව්‍යෘපෘතිවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැති බවට ජනතාව චෝදනා කරනවා.
හිගුරක්ගොඩ විජයරාජ වැව ප්‍ර දේශයේ අරුණ උදාගම නමින් නව ගම්මානයක් ඉදි කෙරුණේ එවකට හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුවයි. නිවාස සංවර්ධන අධිකාරියේ සහ නිවාස ලාභීන්ගේ ශ්‍රම දායකත්වය මත රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් ඒ සදහා වැය කර තිබෙනවා. එහෙත් මෙම නිවාසවලට මාර්ග, ජලය ආදී යටිතල පහසුකම් නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. විශාල මුදලක් වැය කළ ද අවශ්‍ය මූලික පහසුකම්වත් මෙම නිවාසවලට නැති බවයි ඔවුන් පවසන්නේ.
The post පසුගිය රජය සමයේ ආරම්භ කළ නිවාස ව්‍යෘපෘතිවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැති බවට ජනතාවගෙන් චෝදනා appeared first on ITN News.
Post a Comment