Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට  

Add comments

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම් මේ දිනවල පැවැත්වෙනවා. ඒ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිස්සමහාරාම ආසන බල මණ්ඩල රැස්වීම හම්බන්තොට දී පැවැත්වුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මහර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බල මණ්ඩල රැස්වීම අමාත්‍ය සරත්  වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම රැස්වීම සංවිධාන කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා ඇතුලු පක්ෂ ක්‍රියාකාරීන් එක්වයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර කාන්තා බල මණ්ඩල සමුළුව කළුතර දී පැවැත්වුණා. වගකීම් භාරගන්නා ඍජු නායකයෙකු රටට ලැබී ඇති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කමලා රණතුංග මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර තබුරුපිටිය යෞවන සමාජ  සම්මේලනය පැවැත්වුණේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්. තරුඹුරුපිටිය ප්‍රා දේශීය සභාවේ සභාපති ආනන්ද වීරසිංහ මහතා ඇතුලු පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටියා.

The post පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG