රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ කටයුතු විධිමත් කිරීම සඳහා හැකි ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නියෝග කරයි.
1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනතින් ස්ථාපිත කෙරුණ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වැඩකටයුතු විෂයභාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නීරික්ෂණයට ලක්වුනු අවස්ථාවේ අමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කළේය.
ජාතීන් අතර පවතින දුරස්ථ භාවය දුරුකිරීම සඳහා භාවිතා කළ හැකි හොඳම උපකරණය වන භාෂාව පාසල් දරුවන් අතර ප්‍රචලිත කිරීම තුළ අවබෝධාත්මක සමාජයක් ගොඩනැගිය හැකි යැයි සඳහන් කළ අමාත්‍යවරයා ඒ පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමුකරන්නැයි නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. කොමිෂන් සභාවට ස්ථිර ගොඩනැගිල්ලක් නොතිබීමේ ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබා දීමට අමාත්‍යවරයා එකඟ වූ අතර දැනට පවතින උග්‍ර සේවක හිඟයට කඩිනම් විසඳුම් ලබා දීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ අමාත්‍යවරයා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පාසල් මට්ටමින් වඩා විධිමත් ලෙස ව්‍යාප්ත කිරීමට අවශ්‍ය යෝජනා ලබා දෙන ලෙසද නිලධාරීන්ට පැවසීය.
මෙම අවස්තාවට රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නිලධාරීන්, රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ උපදේශක මහින්ද මඩිහහේවා මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
The post රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ කටයුතු විධිමත් කිරීමට උපදෙස් appeared first on ITN News.
Post a Comment