දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුව කිතුල් වගාකරුවන් නගාසිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි.
මේ යටතේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය දිරිමත් කර වෙළෙදපොළක් නිර්මාණය කර දීම සිදු කෙරෙනවා. කිතුල් කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රජය නව අමාත්‍යාංශයක් ද පිහිටුවනු ලැබුවා. ඒ අනුව කිතුල් වගාකරුවන් දිරි ගන්වමින් ඔවුන්ට අවශ්‍ය උපකරණ බෙදා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ ආරම්භක උත්සවය වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය සී බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කිතුල් වගාකරුවන් 120 දෙනෙකුට මෙහිදී උපකරණ පිරිනැමුණා. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post කිතුල් වගාකරුවන් නගාසිටුවීමේ වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment