චීන ඉන්දීය හමුදා කණ්ඩායම් දේශ සීමා ආසන්නයේදී යළිත් වරක් ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.
මෙම ගැටුම පසුගිය බදාදා හටගෙන ඇති අතර ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කෙරුණේ අද දිනයේදීයි. චීන හමුදා කණ්ඩායමක් ඉන්දීය බල ප්‍රදේශයට ඇතුලුවීමට උත්සාහ කිරීමේදි දෙපාර්ශ්වය අතර සුළු ගැටුමක් ඇතිව තිබෙනවා. ගැටුමෙන් දෙපාර්ශ්වයටම සුළු අලාභහානි සිදුව ඇති බවයි ඉන්දීය හමුදාව නිවේදනය කරන්නේ. වසර ගණනක් මුළුල්ලේ ඉන්දීය චීන දේශ සීමාව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර පසුගිය වසරේ ජුනි මාසයේදී ලක්දා ප්‍රදේශයේ ඇති වූ ගැටුමෙන් ඉන්දීය හමුදා සෙබලුන් 20 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.
The post දේශ සීමා ආසන්නයේදී චීන – ඉන්දීය හමුදා කණ්ඩායම් යළිත් ගැටෙයි appeared first on ITN News.
Post a Comment