එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අනුව යමින් අප්‍රේල් මස 16 දින පෙරවරු 6.40ට යෙදෙන බලවත් රුක්රෝපණ නැකතක් ජාතික නැකැත් පත්‍රිකාවට ඇතුළ කර තිබේ.
ඒ අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අදහසක් පරිදි එකම නැකත් වේලාවක් තුළ දිවයිනේ සෑම ගෙවත්තකම එක් පැළයක් හෝ රෝපණය කිරීමට කටයුතු යොදා ඇත. මේ සඳහා අවශ්‍ය පැළ සකස් කර ගැනීම සඳහා බීජ රෝපණය කිරීම සංකේතවත් කරමින් වැඩ සටහනක් ඊයේ (02) පරිසර අමාත්‍යාංශයේ දී ආරම්භ විය.
එම අවස්ථාවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන්ද , පුජ්‍ය පක්ෂය නියෝජනය කරමින් හින්දු හා බෞද්ධ පූජකතුමන්ලා ද සහභාගි වුහ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
අද අපි ආරම්භ කරන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට සමගාමීව අප්‍රේල් 16 දිනට යෙදී තිබෙන නැකතට පැළ සිටුවීම සඳහා අවශ්‍ය බීජ රෝපණය කිරීමයි. මෙම වැඩ පිළීවෙළට රටේ හැම කෙනෙකුගේම දායකත්වය අවශ්‍ය වෙනවා. අපේ රටේ ගෘහ ඒකක ලක්ෂ 53ක් පමණ තිබෙනවා. අඩුම තරමින් ඉන් ලක්ෂ 30කවත් රුක් රෝපණය කළහොත් අපිට එකම වේලාවට පැළ රෝපණය කිරීම සම්බන්ධව වාර්තාවකටත් යාමට හැකිවෙනවා. ඒ නිසා මම පරිසර අමාත්‍යවරයා වශයෙන් ඉල්ලා සිටින්නේ රටේ සියලු දෙනාම මීට සහාය දැක්විය යුතුයි කියායි.
පරිසරය විනාශ කරන කිසිම පුද්ගලයෙකුට අපි සහනයක් ලබා දෙන්නේ නැහැ. දේශපාලඥයෙක් වුනත්, රජයේ නිලධාරියෙක් හෝ ව්‍යාපාරිකයෙක් වුනත් ඒ සියලු දෙනාටම එරෙහිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. පසුගිය කාලය තුළ පරිසරය විනාශ කළ පුද්ගලයින් සියයකට පමණ අපි නඩු පවරා තිබෙනවා. අපිට තරාතිරම මොකක් වුනත් ඒ සම්බන්ධව අපි කටයුතු කරනවා.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,
අද මෙම ව්‍යාපෘතිය අපි අරඹන්නේ ඉතාමත් අලංකාර පරිසරයක් ඇති ස්ථානයක. මම හිතන්නේ ගහකොළ වලින් වටවෙච්චි මෙවැනි පරිශ්‍රයක් කොළඹ වෙනත් ස්ථානයක ඇත්දැයි මම දන්නේ නැහැ.කොහොම වුනත් අද ලෝක තෙත් බිම් දිනය වශයෙන් නම් කර තිබෙන අවස්ථාවක මෙම වැඩ පිළීවෙළ ආරම්භ වීම සතුටක්.
තෙත් බිම් කියන්නේ අපේ ශරීරයේ පෙනහැල්ල වගේ. අපේ සිරුරේ රුධිරය පිරිසිදු කිරීමට අවශ්‍ය ඔක්සිජන් පෙරා දෙන්නේ පෙනහැල්ල මගින් . ඒ වගේම මිනිසා ඇතුලු සතුන්ට ජීවත්වීමට අවශ්‍ය ඔක්සිජන් මෙන්ම පිරිසිදු ජලය ලබා දීම සිදු කරන්නේ තෙත් බිම් විසින්. නමුත් අද අපි මෙම තෙත් බිම් විනාශ ව යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා.
අද අපි ආරම්භ කරන්නේ අප්‍රේල් මස 16 දිනට යෙදෙන ජාතික රුක්රෝපණ නැකතට රෝපණය කිරීමට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම. මේ සඳහා සියලු ජනතාවගේ සහයෝගය ලබා දීම ජාතික යුතුකමක් යැයි මම සිතනවා. එමෙන්ම පරිසර අමාතයාංශය විසින් අපේ රටේ වනගහණය ඉහළ නැංවීම සඳහා විවිධ වැඩ සටහන් රාශීයක් ආරම්භ කර තිබෙනවා. එමගින් අපි අපේක්ෂා කරන්නේ අපේ රටේ වනගහනය සියයට 30ක් දක්වා ඉහළ නැංවීම. මෙම කටයුතු රජයට පමණක් තනිවම කළ හැකි ඒවා නොවෙයි. ඒ සඳහා රටේ සියලු පාර්ශ්ව වල සහයෝගය අපිට අවශ්‍ය වෙනවා යැයි ද ලේකම්වරයා ප්‍රකාශ කළේය.
The post සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකතට පැළ රෝපණය සඳහා අවශ්‍ය බීජ සිටුවීම අරඹයි appeared first on ITN News.
Post a Comment