මියන්මාරය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ අවධානය යොමුවුණා.
ඒ හදිසියේ රැස්වීමෙන් අනතුරුව. හමුදාව මියන්මාරයේ බලය අත්පත් කරගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැණි බවටයි එහිදී අවධාරණය කර තිබෙන්නේ. ඒ අනුව අත්අඩංගුවට ගත් නායකයන් කඩිනමින් මුදාහරින ලෙස දැනුම්දෙන බවයි ආරක්ෂක මණ්ඩලය සඳහන් කළේ.
ඔවුන්ට පැහැදිලි සහ ප‍්‍රබල පණිවිඩයක් ලබදෙන ලෙසට ජගත් සංවිධානය ද ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා.
විශේෂ ප‍්‍රකාශයක් සකස් කිරීමටත් අවධානය යොමුව තිබෙනවා.
මේ වනවිට මියන්මාරයේ පවතින්නේ හදිසි තත්වයක්. වසරක් තුළ මැතිවරණයක් පවත්වන බවයි හමුදා පාලකයන් සඳහන් කළේ. ඔවුන්ගේ කි‍්‍රයාවලිය කිිසිසේත් පිළිගත නොහැකි බව රටවල් ගණනාවක්ම දැනුම්දී තිබෙනවා.
ජගත් සංවිධානය සහ යුරෝපා සංගමය ද එය දැඩි ලෙස භෙළාදකින බවයි සඳහන් කළේ.
The post මියන්මාරය ගැන ආරක්ෂක මණ්ඩලයේ විශේෂ අවධානය appeared first on ITN News.
Post a Comment