රුසියා විපක්ෂ දේශපාලනඥ ඇලෙක්සි නවාල්නිට වසර තුනහමාරක සිර දඩුවම් නියම කිරීමට රුසියා අධිකරණයක් තීන්දු කළා.
ඇලෙක්සි නවාල්නිට එරෙහිව නිකුත් කර තිබූ තහනම් නියෝග නොතකමින් කටයුතු කිරීම සිරදඩුවම් නියම කිරීමට හේතුවයි.
පසුගිය අගෝස්තු මාසයේ සිට ජර්මනියේ ප්‍රතිකාර ලබමින් සිට ඔහු රුසියාවට පැමිණියේ පසුගිය මාසයේ අවසානයේදීයි. රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ගේ ප්‍රබල විවේචකයෙකු ලෙසයි නවාල්නි හැදින්වෙන්නේ.
නවාල්නි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රුසියාව පුරා උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා.
The post රුසියා විපක්ෂ දේශපාලනඥ ඇලෙක්සි නවාල්නිට වසර තුනහමාරක සිර දඩුවම් appeared first on ITN News.
Post a Comment