ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමේ යෝජිත පළමු කේන්ද්‍රීය සංවිධානය ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළින් පිහිටුවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාතික සංවිධානයන්හි නියෝජිතවරුන් සමග පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් පරිදි ආබාධ සහිත පුද්ගලයින් ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම සදහා වන ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ මූලික කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කළා.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේදී අදාළ නියෝජිතයන් ඔවුන්ගේ ගැටලු රැසක් ඉදිරිපත් කළා. එහිදී අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කරුණු සියල්ල නිසි ලෙස ඉටු කරන බවයි. විශේෂයෙන් මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔවුන්ට පවතින ගැටලු කඩිනමින් විසදීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ජගත් පී විජේවීර මහතාට මෙහිදී උපදෙස් දුන්නා.
ඇතැම් මාධ්‍ය තුළින් ආබාධ සහිත පුද්ගලයින්ට අපහාස වන අයුරින් වචන භාවිත කරන බව එම නියෝජිතයන් මෙහිදී පෙන්වා දුන්නා. එවැනි තත්ත්වයන් පිළිබද දැඩි සේ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් දුන්නා.
The post ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනමාධ්‍ය ඇමති පෙරමුණ ගනී appeared first on ITN News.
Post a Comment