ඊයේ පස්වරුවේ මුහුද රළුවීම හේතුවෙන් හලාවත මුතුපන්තිය ගම්මානයට මුහුදු රළ පැමිණ තිබෙනවා.
මුහුදු රල පැමිණීම නිසා පවුල් 10 ක් පමණ අවතැන් වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. ඊයේ උදෑසන සිට ක්‍රමයෙන් මුහුද රළු වී ඇති අතර මුහුදු රළ ගොඩබිම වෙත පැමිණ තිබෙනවා. වෙරළ තීරය ඛාදනය වැලැක්වීම සදහා යොදා තිබූ ගල්වැටි සහ වැලිකදු ද විනාශ වී ගොස් ඇති බවයි පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ගිහාන් දිසානායක මහතා සදහන් කළේ. අවතැන් වූ පවුල් ආරක්ෂිත ස්ථාන කරා යැවීමට පියවර ගෙන තිබෙනවා.
The post මුහුදු රළ හේතුවෙන් හලාවත අවතැන් පවුල් 10 ක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි appeared first on ITN News.
Post a Comment