ගත වූ පැය 24 ට ලොව පුරා රටවල් 219 කින් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ අනූ දහස් දෙසීය විසි පස් දෙනෙකු හමුවී තිබෙනවා.
සිදුව ඇති මරණ සංඛ්‍යාව හයදහස් හයසිය නවයක්. ඒ සමගම කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගිය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසි පන් ලක්ෂ පනස් දහස ඉක්මවා ගියා. වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එකොලොස් කෝටි පනස් ලක්ෂයකට ආසන්න බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වනවා. එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි අනූ තුන් ලක්ෂ දාහතර දහස් දෙසීය පනස් හතරක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව පන් ලක්ෂ විසි හත් දහස ඉක්මවා තිබෙනවා.
The post ලොව පුරා රටවල් 219 කින් කොරෝනා ආසාදිතයින් 290225 දෙනෙකු හමු වෙයි appeared first on ITN News.
Post a Comment