වත්මන් රජය යටතේ ක්‍රියාත්මක ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ ජනතාවට ලබා දෙන්නේ ආධාරයක් මිස නිවාස ණයක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.
ඔබට ගෙයක් රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ මහර නිවාස 10 ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. පසුගිය රජය සමයේ නිවාස ඉදිකර ගැනීම සදහා ජනතාවට ලබාදුන්නේ නැවත අය කර ගනු ලබන නිවාස ණය බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ ග්‍රාම සේවා මට්ටමින් දිවයින පුරා නිවාස 14022 ක් ඉදිකිරීමට කටයුතු යොදා තිබෙනවා.
The post ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහනින් ජනතාවට ලබා දෙන්නේ ආධාරයක් මිස නිවාස ණයක් නොවෙයි appeared first on ITN News.
Post a Comment