Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා නව ප්‍රභේද එන්නත් නිෂ්පාදනයට අභියෝගයක් වෙයි  

Add comments

කොරෝනා වයිරසයේ ඇතැම් ප්‍රභේද නිසා එන්නත් නිෂ්පාදනයට අභියෝග එල්ල වන බව ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

කොවිඩ් නයින්ටීන් වයිරසයේ ප්‍රභේද රාශියක් ඇති නමුත් වෛද්‍ය විශේෂඥයන්ගේ අවධානය යොමු වී ඇත්තේ ඉන් කිහිපයක් කෙරෙහි පමණක් බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානි ආචාර්ය රොෂෙල් වැලෙන්ස්කි සදහන් කළේ. මහා බ්‍රිතාන්‍ය දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හදුනාගත් ප්‍රභේදයන් වඩාත් හානිකර බව හෙළි වී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත හැත්තෑ දහසකට වැඩි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවීමත් සමග බලධාරීන්ගේ දැඩි අවධානය කොරෝනා ප්‍ර භේද සම්බන්ධයෙන් යොමු වී තිබෙනවා.

 

The post කොරෝනා නව ප්‍රභේද එන්නත් නිෂ්පාදනයට අභියෝගයක් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG