Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඥාති සොහොයුරෙකුගේ පහරදීමකින් හත් හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට  

Add comments

ඥාති සොහොයුරෙකුගේ පහරදීමකින් කිලිනොච්චිය ප්‍රදේශයේ හත් හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම දරුවා සහ තවත් දරුවන් දෙදෙනෙකු ඔවුන්ගේ මව ඥාති නිවසක තබා ගොස් ඇති අවස්ථාවකදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මොට ආයුධයකින් සිදුකළ පහරදීමකින් සිදු වූ අභ්‍යන්තර රුධිර වහනයෙන් මෙම මරණය සිදුව ඇති බවයි. දරුවා යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වුණා.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ළමාරක්‍ෂක අධිකාරිය ඉල්ලීමක් කරනවා.

 

The post ඥාති සොහොයුරෙකුගේ පහරදීමකින් හත් හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG