Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වේවැල් පහරින් දී දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ කාන්තාවන් දෙදෙනා රිමාන්ඩ්  

Add comments

මිථ්‍යාව නිසා සිද්ධ වෙච්ච අවාසනාවන්ත සිදුවීමකින් නව හැවිරිදි දැරියක් ජීවිතයෙන් සමුගත් සිද්ධියට දැරිවියගේ මවත් ශාන්තිකර්මය සිදු කළ කාන්තාවත් අද අධිකරණයට ඉදිරිපත් කළා.

අධිකරණයට ඉදිරිපත් කළ අදාළ කාන්තාවන් දෙදෙනා ලබන 12 වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. ඔවුන්ගේ මානසික තත්ත්වය පිළිබදව වාර්තාවක් ඉදිරිපත් කරන්නැයිද අධිකරණය දැනුම් දී තිබෙනවා.

අමනුෂ්‍ය බලවේගයක් ඉවත් කිරීම සදහා ශාන්තිකර්මයක් සිදු කරන බව පවසමිනුයි ෆාතිමා රිෆ්කා  නමැති දැරියට වේවැල් පහර එල්ල කර තිබෙන්නේ. දැරියගේ සිරුරේ තෙල් වර්ගයක් ආලේප කර ලයිමා ෆලීඩා නමැති කාන්තාව වේවැලකින් දරුණු ලෙස පහර දීම හේතුවෙන් සිහිසුන් වූ දැරිය බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මෙම දැරියගේ මව හා ශාන්තිකර්මය සිදු කළ කාන්තාව ඊයේ දිනයේදි පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණු අතර ලබන 12 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා. මෙම කාන්තාවන් දෙදෙනාගේ මානසික තත්ත්වය පිළිබද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කළා. දැරියගේ පී සී ආර් පරික්‍ෂණ වාර්තාව ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරික්‍ෂණය සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටුවන් ඇතුලු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලීසිය පවසනවා.

ෆාතිමා රිෆ්කා දැරියට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක ද අද නිරත වුණා.

 

 

The post වේවැල් පහරින් දී දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ කාන්තාවන් දෙදෙනා රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG