පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර ගැන සොයාබැලීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව ගැන ලබන 10 වෙනිදා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් ගෙනඑනු ලබන කල්තැබීමේ යෝජනාවක් ලෙසයි විවාදයට ගැනීමට තීරණය කර ඇත්තේ.
ලබන 10 වනදා අගමැතිතුමාගෙන් අසනු ලබන ප්‍රශ්න මෙවර ක්‍රියාත්මක නොවුනද පෙරවරු දහයේ සිට පෙරවරු 11 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සදහා කාලය වෙන් කෙරෙනු ඇති.
ඉන් පසුවයි කල් තැබීමේ යෝජනාවක් ලෙස පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තාව විවාදයට ගනු ලබන්නේ. එය පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගනු ඇති. පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලූ කොමිසමේ වාර්තාව සභාගත කළේ පසුගිය 25 වනදායි.
The post පාස්කු කොමිසම් වාර්තාව ලබන 10දා පාර්ලිමේන්තුවේදී විවාදයට appeared first on ITN News.
Post a Comment