Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාඨලීට අධිචෝදනා භාරදෙයි  

Add comments

අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සහ අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කියවා භාරදී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් වලල්ලේ මහතා ඉදිරියේයි මෙම නඩුව විභාගයට ගැනුණේ. අධිචෝදනා පත්‍රය කියවා දීමෙන් පසුව පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනා විභාග කිරීමට මහාධිකරණයට අධිකරණ බලයක් නැති බව සදහන් කරමින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට තම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අපේක්‍ෂා කරන බව ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙවැනි විරෝධතාවක් ඉදිරිපත් කළ හැක්කේ නඩුවේ මුල් අවස්ථාවේදී බව කියාසිටියා. මේ වන විට විත්තිකරුට අධිචෝදනා පත්‍ර භාර දී ඔහුට අධිකරණය මගින් ඇප නියම කර ඇති බැවින් ඔහු අදාළ චෝදනාවලට යටත්වී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ. කෙසේ වුව ද මූලික විරෝධතාව පිළිබද විමසීම අප්‍රේල් මස 27 වනදා සිදු කරන ලෙසට අධිකරණය නියෝග කළා.

මෙම සිද්ධියෙන් අනතුරට පත් සංදීප් සම්පත් ගුණවර්ධන නමැති ශිෂ්‍යයා රෝද පුටුවක ආධාරයෙන් අධිකරණය හමුවට පැමිණ සිටියා. අනතුරට පත් ජීප් රථය මීළග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරුණා.

 

The post පාඨලීට අධිචෝදනා භාරදෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG