ඇමරිකා මෙක්සිකෝ දේශසීමා ආසන්නයේ කැලිෆෝනියා නගරයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කැලිෆෝනියාවේ දකුණු ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. එස්යූවි රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණා. අනතුර සිදුවන අවස්ථාවේ එස්යූවි රථය තුළ පුද්ගලයින් විසිපස් දෙනෙකු පමණ ගමන් කර ඇති බව සඳහන්. අනතුර සිදුවූ අවස්ථාවේදීම පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. පුද්ගලයින් 8 දෙනෙකු පමණක් ගමන් කළ හැකි රථය තුළ 25 දෙනෙකු රැගෙන යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි කැලෆෝනියා බලධාරීන් ප්‍රකාශ කළේ.
The post කැලිෆෝනියා නගරයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment