රුසියා විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව රුසියාවට සම්බාධක පනවා තිබෙනවා.
රුසියා විපක්ෂ නායක අලෙක්සි නවාල්නිට චෝදනා එල්ල කර ඔහුට විෂ ශරීරගත කිරීමේ සිද්ධිය මුල් කර ගනිමින් මෙසේ සම්බාධක පනවා තිබෙනවා. රුසියාවේ උසස් නිලධාරීන් 7 දෙනෙකුට සහ ආයතන 14 කට මෙසේ සම්බාධක පැනවීමටයි කටයුතු කර ඇත්තේ. අමෙරිකා නව ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම් දීමෙන් අනතුරුව රුසියාවට එරෙහිව එල්ල කළ පළමු ප්‍රහාරය මෙය බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. නවාල්නිට වස ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුසියාව ඍජුවම වගකිව යුතු බවයි අමෙරිකාව ප්‍රකාශ කළේ.
The post අමෙරිකාව රුසියාවට සම්බාධක පනවයි appeared first on ITN News.
Post a Comment