Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කරන්න අගමැතිගේ උපදෙසින් අමතර ප්‍රතිපාදන  

Add comments

විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කිරීම සදහා අමතර ප්‍රතිපාදන ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් ලබා දුන්නා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව විශ්වවිද්‍යාල සදහා වැඩිපුර සිසුන් සංඛ්‍යාවක් බදවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. ඊට සාපේක්‍ෂව විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පවතින බැවින් ප්‍රතිපාදන ලබා දෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාල සදහා මෙම වසරේදී හතළිස් එක් දහසක් බදවාගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළා. දසදහස් පන්සිය අසූඅටක් තරම් වැඩිපුර සිසුන් සංඛ්‍යාවක් මෙවර විශ්වවිද්‍යාල සදහා බදවා ගත්තේ නිදහසින් පසු පළමු වරට බවයි මෙහිදී හෙළිවුණේ.

වෛද්‍ය පීඨ සදහා සිසුන් 479 දෙනෙකු ද වැඩිපුර බදවාගෙන තිබෙනවා. ඉසෙඩ් අගය මත විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට නොහැකි වූ විශිෂ්ට සාමාර්ථ ලබාගත් දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පෙන්වා දුන්නා. ඊට විසදුමක් ලෙස රජය ප්‍රතිපාදන ලබා දෙන්නේ නම් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට එම දරුවන් බදවා ගැනීමේ හැකියාව ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා ප්‍රකාශ කළා. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ.

 

The post විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කරන්න අගමැතිගේ උපදෙසින් අමතර ප්‍රතිපාදන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG