Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගමට පිටියක් ජාතික වැඩසටහන ඇරඹෙයි  

Add comments

නිරෝගිමත් පරපුරක් දැයට දායාද කිරීමේ අරමුණින් ක්‍රිඩාංගන 332 ක් සංවර්ධනය කිරීමේ ගමට පිටියක් ජාතික වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණා. ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුවයි. ඊට සමගාමීව රට පුරා ක්‍රීඩාංගන සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකෙරෙනවා.

මැදිරිගිරිය දියසෙන්පුර ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ 15 ක්.

වැලිමඩ කැප්පෙටිපොළ පෙල්ලිවින්න අත්පන්දු ක්‍රීඩාංගනය ද සංවර්ධනය කෙරෙනවා. ඒ සදහා රජය රුපියල් ලක්‍ෂ 15 ක මුදලක් ලබා දෙන අතර වැලිමඩ ප්‍රාදේශීය සභාව ද රුපියල් ලක්‍ෂ 7 ක මුදලක් ලබා දෙනවා.

කලවාන පොතුපිටිය ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. පාසල් දරුවන්ගේ හා ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් එම කටයුතු සිදුකෙරෙනවා.

ක්‍රීඩාංගන 332 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ එරාවුර් වදරුමුලෙයි ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම ද සිදුකෙරෙනවා. රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා.

 

The post ගමට පිටියක් ජාතික වැඩසටහන ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG