Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දීඝවාපිය අරුණ අරමුදලට බෞද්ධයා නාලිකාවෙන් මිලියන 50 ක්  

Add comments

දීඝවාපිය අරුණ අරමුදලට බෞද්ධයා නාලිකාව රුපියල් මිලියන 50 ක පරිත්‍යාගයක් සිදු කළා.

ඊට අදාළ චෙක්පත බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත භාර දුන්නා.

නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම හා ප්‍රමුඛ සංරක්‍ෂණ කටයුත්ත ලෙස දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය කෙරෙනවා. ඒ සදහා වන දීඝවාපිය අරුණ අරමුදල ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 12 වනදා ආරම්භ කෙරුණා. දීඝවාපී ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව ඉදිකෙරෙන විශ්‍රාම ශාලාවේ ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන 75 ක්. සුදත් තෙන්නකෝන් මහතා ඒ සදහා රුපියල් මිලියන 25 ක් පරිත්‍යාග කළා. බෞද්ධයා නාලිකාව ඉතිරි රුපියල් මිලියන 50 ක මුදල පරිත්‍යාග කළා.

 

 

 

The post දීඝවාපිය අරුණ අරමුදලට බෞද්ධයා නාලිකාවෙන් මිලියන 50 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG