Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ITN පුවත ඵල දරයි – විල්පත්තුව වනෝද්‍යානයට පිවිසීමට පාලමක්  

Add comments

විල්පත්තුව ජාතික වනෝද්‍යානය සදහා ප්‍රවේශ වීමට ඇති සපත්තු පාලම දීර්ඝ කලක සිට දැඩි අබලන් තත්ත්වයෙන් පැවතීම නිසා සංචාරක කර්මාන්තයට දැඩි බාධාවක් එල්ල වී තිබුණා.

ස්වාධීන රූපවාහිනියේ පැයෙන් පැය ප්‍රවෘත්ති ප්‍රකාශයකින් කළ අනාවරණයකින් පසුව සංචාරකයන් වෙනුවෙන් තාවකාලික පාලමක් ඉදිකිරීමට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සහ සෆාරි ජිෆ් රථ හිමියන්ගේ සංගමය කටයුතු කර තිබෙනවා.

වසරකට වැඩි කාලයක් මෙම සපත්තු පාලම අබලන්ව පැවතියා. එලුවන්කුලම ප්‍රදේශයෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුලු වීම සදහායි මෙම පාලම ඉදිකර තිබුණේ. පාලම භාවිතයට ගැනීමට නොහැකිවීම නිසා එම මාර්ගය ඔස්සේ සංචාරකයන් නොපැමිණිමෙන් ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ල වුණා. ස්වාධීන රූපවාහිනිය මෙම තත්ත්වය අනාවරණය කිරීමෙන් පසු පැරණි සපත්තු පාලමට නුදුරින් බෝට්ටු යාත්‍රා කිහිපයක් යොදාගෙන කලා ඔය තරණය කිරීම සදහා ලෑලි පාලමක් තැනීමට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සහ සෆාරි ජිෆ් රථ හිමියන් කටයුතු කළා.

 

 

The post ITN පුවත ඵල දරයි – විල්පත්තුව වනෝද්‍යානයට පිවිසීමට පාලමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG