Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කූරගල පුදබිමෙහි අංග සම්පූර්ණ විහාරස්ථානයක් ඉදිකිරීමට අවසර  

Add comments

ඓතිහාසික කූරගල පුදබිමෙහි අංග සම්පූර්ණ විහාරස්ථානයක් ඉදිකිරීමට අවසර ලබාදෙන බව පුරා විද්‍යා ජාතික උරුමයන් හා ප්‍රසංග කලා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරු කුඹුරේ ධම්ම රතන ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීම යටතේ ඉදිකෙරෙන අඩි සියයක් උස බුදු පිළිම වහන්සේ සදහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබද සාකච්ඡාවකට අද එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

ලබන 28 වනදා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුකිරීමට නියමිතයි.  කූරගල ඉදිකිරීම් සදහා අවශ්‍ය නීතිමය කටයුතු සම්පාදනය කරන බවද විදුර වික්‍රමනායක මහතා කියා සිටියා.  මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි  කොබ්බෑකඩුව,පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල  පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද එක්ව සිටියා.

 

 

The post කූරගල පුදබිමෙහි අංග සම්පූර්ණ විහාරස්ථානයක් ඉදිකිරීමට අවසර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG