බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලැබුවා.
බස් රථය ත්‍රි රෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී වේගය පාලනයට කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවුණා.
තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුළත්කර තිබෙනවා.
මේ අතර මංගල උත්සවයකට සහභාගිවී සිය නිවස වෙත යමින් සිටි පුද්ගලයින් රැගත් ත්‍රි රෝද රථයක් කන්ටේනර් රථයක ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලැබුවා. වාද්දුව පල්ලිමංකඩ ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. කන්ටේනර් රථය කාර්මික දෝශයකට ලක්වී ගාලුපාරේ අනාරක්ෂිත ලෙස නවතා තිබියදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
The post බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment