කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් විධිමත්ව, නිශ්චිත කාලයකට වරක් රැස්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ 16 වන උපදේශක කමිටුව ලෙස තේ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්‍රය ආශ්‍රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට ක්ෂේත්‍රයට අදාළ ආයතන සහ එම ක්ෂේත්‍රයට අදාළ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් (05) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
තේ ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය දේශීය ආර්ථිකය වෙනුවෙන් දක්වන දායකත්වය මෙන්ම අගය එකතු කිරීම මගින් අපනයන අදායම ඉහළ නංවා ගැනීමේ වැදගත්කම පිළිබදව මෙහිදී සාකච්ජා විය. එම ක්ෂේත්‍රයට බලපාන තේ ප්‍රමිතිය රැකගැනීම, නව තාක්ෂණික දැනුම ලබාගැනීම, කාබනික අමුද්‍රව්‍ය ගැටළු සහ අපනයනය සමබන්ධ ගැටළු පිළිබදව කර්මාන්තකරුවන් අමාත්‍යවරයා දැනුවත් කළ අතර ඉදිරියේදී මෙම උපදේශක කමිටුව හරහා එම ගැටළු නිරාකරණය කිරීමට මැදිහත් වන බව අමාත්‍යවරයා කියා සිටියේය.
කොවිඩ් අර්බුදය සමග අපනයනයේදී කර්මාන්තකරුවන් මුහුණපා ඇති ගැටළු පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුණු අතර ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් සියලු සහය ලබාදෙන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යන රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහ තේ ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
The post තේ ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටළු විසදමින් නිෂ්පාදනවලට අගය එකතු කිරීමට උපදේශක කමිටුවක් appeared first on ITN News.
Post a Comment