සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. සෝමාලියාවේ මොගඩිෂූ අගනුවර අවහන්හලක් ආසන්නයේ බෝම්බය පුපුරා ගොස් තිබෙනවා. පුපුරණද්‍රව්‍ය රැගත් ත්‍රීරෝද රථයක් තුළ පිපිරීම සිදුව ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.
සෝමාලියා රජය පෙරළා දැමීමේ අරමුණෙන් එරට ක්‍රියාත්මක ෂබාබ් අන්තවාදී ක්‍රියාකාරීන් නිරතුරුවම බෝම්බ පුපුරුවා හැරීම් සිදුකළ ද මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ.
The post සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment