Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාරයේ හමුදා පාලනය 18 දෙනෙකුට වැඩි පිරිසක් බිලිගනී  

Add comments

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරවලදී සිවිල් වැසියන් 18 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා

යැං ගොන්, ඩාවෙයි, මැන්ඩලේ ඇතුළු නගර කිහිපයක ඇති වූ ගැටුම්වලින් මෙම ඝාතන සිදු වී ඇත්තේ. ජනතාව සාමකාමී උද්ඝෝෂණවල නිරත වුවද මියන්මාර ආරක්ෂක අංශ පසුගිය සෙනසුරාදා සිට ඔවුනට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා.

අවුන් සාන් සූචීගේ ආණ්ඩුව පසුගිය මස 01 වනදා හමුදා කුමන්ත්‍රණයක් මගින් පෙරලා දැමීමෙන් පසු ජනතාව වීදිවල රැස් වී උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ පල වූ වීඩියෝ දර්ශන අනුව පෙනී ගියේ හමුදා පාලකයන් දැඩි මර්දනකාරී පිලිවෙතක් අනුගමනය කරමින් ප්‍රහාර එල්ල කරන බවයි.

The post මියන්මාරයේ හමුදා පාලනය 18 දෙනෙකුට වැඩි පිරිසක් බිලිගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG