Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24 ට ලොව පුරා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 පනී  

Add comments

ගත වූ පැය 24 ට ලොව පුරා රටවල් 219 කින් කොරෝනා වයිරස ආසාදිතයින් තුන්ලක්ෂ හැටතුන්දහස් නවසිය හැට පස් දෙනෙකු හමු වී තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පන්දහස් හත්සිය හැත්තෑ හතරක්.

මේ වන විට සමස්ත ලෝකයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දොළොස්කෝටි හාරලක්ෂ දාහත් දහස ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව විසිහය ලක්ෂ හැටපන්දහසකට අධිකයි. වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ආසාදිතයින් තුන්කෝටි අසූඑක්දහස් හයසිය පනස් හත් දෙනෙකු හා මරණ පන්ලක්ෂ හතළිස් හත්දහස් දෙසිය තිස් හතරක් එරටින් වාර්තා වනවා. ඊට අමතරව බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍යය හා ඉතාලිය කොරෝනා වයිරසයෙන් වැඩිම පීඩාවට පත් වූ රටවල් ලෙස දැක්විය හැකියි.

 

 

 

 

 

 

 

The post ගතවූ පැය 24 ට ලොව පුරා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 පනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG