Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

LTTE ඩයස් පෝරාවට එරෙහිව මිලානෝවල දැවැන්ත විරෝධතාවක්  

Add comments

ජිනීවා  මානව හිමිකම් සැසිවාරයේදී මේ වෙනවිටත් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් සංශෝධනය කර ඉදිරිපත් කළ එම යෝජනාවලිය මෙතෙක් සාකච්ඡාවට ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවට හා එල්ටීටීඊ ඩයස් පෝරාවේ ක්‍රියාවලියට විරෝධය පළ කරමින් ඉතාලියේ මිලානෝ අගනුවරදී  උද්ඝෝෂණක් සංවිධාන කර තිබුණා. කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලිය නැවත වරක් වසා දමා ඇති මොහොතක යුරෝපයේ වෙසෙන බහුතර දේශමාමක ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගී වී සිටීම විශේෂත්වයක්. නිරෝධායන නීති රීතීන් අනුගමනය කරමින් පැවැත් වූ මෙම උද්ඝෝෂණ සඳහා පොලිස් ආරක්ෂාවද ලබා දී තිබුණා.

මේ අතර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර හැරෝ ප්‍රදේශයේ දමිළ ජාතිකයින් පිරිසක් සංවිධාන කර තිබූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළා. විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුමක්ද හට ගැනුණු අතර එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පසුව ඔහු නිදහස් කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

මෙවර ජගත් මානව හිමිකම් සැසිවාරය ආරම්භ වූයේ පසුගිය 22 වනදායි. කැනඩාව , එක්සත් රාජධානිය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රටවල් ශ්‍රීලංකාවට එරෙහිව  යෝජනාවක් මානව හිමිකම් කවුන්සියලයට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවට එරෙහිව අනෙක් රටවල සහයෝගය ලබාගැනීමට යෝජනාවේ සම අනුග්‍රාහකත්වය දරන කැනඩාව සහ එක්සත් රාජධානිය දැඩි  ප්‍රයත්නයක නිරත වන බවයි වාර්තා වන්නේ.

The post LTTE ඩයස් පෝරාවට එරෙහිව මිලානෝවල දැවැන්ත විරෝධතාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG