Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කසල කුණු කර නොගත් එකම නගර සභාව කඩුවෙල මහනගර සභාව බව ඇමති විමල් කියයි  

Add comments

කසල කුණු කර නොගත් එකම නගරසභාව කඩුවෙල මහනගර සභාව බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කසල ඵලදායී ලෙස යොදා ගනිමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට ද නගර සභාව කටයුතු කිරීම අගය කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කඩුවෙල මහනගර සභාවේ පුවත් විමංසා මාසික පුවත්පත එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පල කළා. නගර සභාවේ කටයුතු ජනතාවට සන්නිවේදනය කිරීම මෙම පුවත්පතේ අරමුණයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත, නගරාධිපති බුද්ධික ජයවිලාල්, ස්වාධීන රූපවාහිනී විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.

 

The post කසල කුණු කර නොගත් එකම නගර සභාව කඩුවෙල මහනගර සභාව බව ඇමති විමල් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG