ඊයේ (24) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාධිතයින් 253 දෙනෙකු හදුනාගත් අතර එම පිරිසෙන් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.
වාර්තා වූ ආසාධිතයින් අතුරින් 53 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන්ද ගම්පහින් ආසාධිතයින් 42 දෙනෙකු හා යාපනයෙන් ආසාධිතයින් 38 දෙනෙකු ද එම පිරිසට ඇතුළත්. ඒ අනුව මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අනූ එක්දහස් 18 ක්. ඉන් 2834 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 410 ක්. ඊයේ දිනයේ සුවය ලැබූ කොරෝනා ආසාධිතයින් 324 දෙනාද සමගින් මේ දක්වා පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අසූ හත්දහස් 630 ක්.
තවත් කොවිඩ් මරණ 2 ක්ද ඊයේ වාර්තා වුණා. මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ 15 සහ කොළොන්නාව පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 554 ක්. ඒ අතුරින් 342 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 212 දෙනෙකු කාන්තාවන් වනවා.
ත්‍රිවිධ හමුදාවේ පාලනය යටතේ පවතින මධ්‍යස්ථාන 91 ක් තුළ 8740 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනය තුළ මෙරටදී පීසීආර් පරීක්ෂණ 7350 ක් සිදු කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා.
ඉන්දියාවේ නිශ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. කෙසේවුවද ශ්‍රී ලංකාවට එම එන්නත් සැපයීම අඛණ්ඩව සිදු කරන බවයි ඉන්දියාව අවධාරණය කර තිබෙන්නේ. මේ අතර ඊයේ දිනය වන විට පුද්ගලයින් අට ලක්ෂ 56,327 දෙනෙකුට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 253ක් appeared first on ITN News.
Post a Comment